දශකයකට පසු පාසල් ගිය 95 අපි

දශකයකට පසු පාසල් ගිය 95 අපි1995 උපත ලද අප බටේමුල්ල පාසල් මෑණියන්ගේ දරුවන් ලෙස අබිසෙස් ලබන්නෙ 2001 දීය. එතැන් පටන් 2014 දී පාසලෙන් නික්මූ අප හට පාසල් බිමට නීත්‍යානුකූල කැදවීමකින් ඇතුල් වන්නේ වසර 10කට පසුවය.
අප වාර්ෂිකව සිදු කරන පරිත්‍යාග කිරිමේ වැඩසටහන වෙනුවෙන් මේ වසරේදී අප සැම අධ්‍යාපනය හැදෑරූ පාසලට යන්නේ සංගීත අංශයට අවශ්‍ය සංගීත භාණ්ඩ අපට හැකි පමණින් රැගෙනය. පලමු අදියරේදී බසයෙන් බසයට සම්මාදමේ ගොස් මුදල් රැස්කර වර්තමානයේදී අප සැමගේ ධන පරිත්‍යාගයෙන් මෙම කර්තව්‍ය සිදු කරන ලදි.
මේ සදහා 95 කණ්ඩායමේ මෙරට සිටින මිතුරන් මෙන්ම විදෙස් ගත මිතුරන්ද නොමසුරුව වාර්ෂිකව දායකත්වයක් ලබා දෙන බැවින් දිගින් දිගටම අපට මෙම වැඩසටහන සාර්ථකව පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත.යලිත් නව වසරක අලුත් වැඩකින් හමු වන තුරු ඔබ සැමට සුබ අනාගතයක් පතමි.
