තරුණ පක්ශයේ තරුණයින්ගේ වැඩ.

සර්වජන ඡන්ද බලය හදුන්වා දුන් අතීතයේ සිට අද දක්වා ශ්‍රී ලංකාව තුල බිහිවූ පක්ශ වලින් තරුණ පක්ෂ අතරින් ප්රමුඛත්වයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙයි.
වසර 10කට අඩු වයස මෙම පක්ශයේ තරුණ සංවිධානය සත්‍ය වශයෙන්ම තරුණ සංවිධානයකි.
අන්තවාදි දේශපාලන මතවාද වලින් මිදුන මැද මාවතේ දේශපාලන මතවාදයකට හිමිකම් කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යාවත්කාලීන වන පක්ශයක් ලෙස ප්‍රවර්ධනය සහ සාමාජිකයන් බදවාගැනීම මංගත ක්‍රමවේදයකට සිදු කිරීමට සැලසුම් කිරීම රටේ තරුණ දේශපාලනය ගැන ජනතාවට ඇති ආකල්ප යහපත් වීමට පිටුවහලකි.
පක්ශ ව්‍යවස්තාවට අනුව වසර 35 පිරෙන අයගේ සාමාජිකත්වය නිතැතින්ම අහෝසි වන නිසා හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානකට තරුණ පෙරමුණ හැරයන්නට සිදුවීමත් සමග තරුණ සංවිධානය ජොහාන් ප්‍රනාන්දුගේ සභාපතී ලෙස සහ නිපුන රණවකගේ ලේකම් ලෙස පත් කරගන්නා ලදි එමෙන්ම නව සභාපතිවරයා සමග තරුණ නිලධාරී මන්ඩලයක්ද තරුණ සංවිධානය සමග අත්වැල් බැදගෙන ඇත .
ලාබාල තරුණ පක්ශයේ ඇත්ත තරුණ සංවිධානයේ වැඩ ඊයෙ සිට යාවත්කාලින වෙමින් මංගත ක්‍රමවේදයට පිවිසී ඇත
2029 වෙනුවෙන් පක්ශයේ තරුණ ජාතික සංවිධායකවරයා සමග ගොඩනැගෙන තරුණයන්ගේ තරුණ සංවිධානයට සුබ පැතීමට නාමල් රාජපක්ෂද ඊයෙ නෙලුම් මාවතට එක් විය.
