ආයුබෝවන් ඉමදුව – පළාත් පාලන මැතිවරණය 2025

ඉමදුව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තිත්තගල්ල කොට්ඨාසය නියෝජනය කරමින් පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම සදහා නාමයෝජනා අත්සන් කරන ලදි.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදි මතවාදය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වසර දහයකට ආසන්න කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙමින් එම කඳවුරේ දේශපාලන ක්‍රියාවලිය වෙනුවෙන් පෙනී සිටිමින් එම මතවාදය වෙනුවෙන් මෙවර මැතිවරණයට මා ඉදිරිපත් වෙමි.

පලාත් පාලන ආයතන මට්ටමෙන් ඡන්‍ද දායකයන් වෙනුවෙන් සිදුකල හැකි යුතුකම් මෙන්ම එයින් පිටත සමාජ ප්‍රගමනය වෙනුවෙන් සිදුකල යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කරමින් අනාගතවාදී දේශපාලනමය ක්‍රියාවලියකට තරුණ දේශපාලකයකු වශයෙන් මින් ඉදිරියට මම පෙනී සිටිමි.

මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ සැමගේ ගෞරවනීය සහයෝගය මම බලාපොරොත්තු වෙමි.ඔබ සැමට සුබ අනාගතයක්!