අවසරයි සමුගන්න

දශක හතරකට එහා අතීතයකට උරුමකම් කියන දකුණු ආසියාවේ විශාලතම ස්වේච්ඡා සංවිධානය වන ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයට අනුබද්ධ යෞවන සමාජ සාමාජිකයකු ලෙස මෙ ව්‍යාපාරයට මා අත්පොත් තබන්නෙ මින් දශකයකට පෙරය.

එවකට ඉමදුව තරුණ සේවා නිලධාරී තුමියගේ මගපෙන්වීමෙන් ගොඩඋඩ රෙඩ් ඊගල් යෞවන සමාජය බිහිවීමත් සමග ක්‍රියාකාරි යෞවන සමාජ සාමාජිකයකු ලෙස පියවරෙන් පියවර පැමිණි ගමන් මගක මතක සටහන් බොහෝමයක් ඇත.

යෞවන සමාජ සාමාජිකයකු
යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු
ප්‍රාදේශීය සම්මේලන සභාපති වරයකු
දිස්ත්‍රික් සම්මේලන සභාපති වරයකු
ජාතික සම්මේලන නියෝජිතයකු
ජාතික සම්මේලන කාර්‍යංශ සභාපති වරයකු ලෙස මෙසේ පැමිණි ගමන් මග අදින් නිම වනු ඇත.

අද දින ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයෙන් සමුගන්නා නමුදු මා නිබදව මේ ව්‍යාපාරය වෙනුවෙන් මෙහි චිර පැවැත්ම වෙනුවෙන් පෙනි සිටිමින් ආදි යෞවනයකු ලෙස දිය හැකි ශක්තිය ලබා දෙමි.

යෞවන සමාජ සාමාජිකයකු පටන් ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ කෘත්‍යාදීකාරී මන්ඩල නියෝජිතයකු දක්වා මේ පැමිණි ගමන් මගේ මා ඔසවා තැබූ ගාලු දිසාවේ සහ සමස්ථ ශ්‍රී ලංකාවේ ආදරණීය තාරුණ්‍යට මෙන්ම නිබද සවිය දුන් මග පෙන්වූ තරුණ සේවා නිලධාරීන්ගේ පටන් සියලුම රාජ්‍ය නිලධාරීන් , දේශපාලන අධිකාරිය මෙන්ම ජ්‍යේෂ්ඨ යෞවන සමාජ නායකයින් සැමට මාගෙ හද පිරි ස්තූතිය පුද කරමි.

ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය