පලාත් පාලන මැතිවරණය – 2025

රටේ ප්‍රධාන මැතිවරණ දෙකක් අවසානයේ ගමේ පුංචි ඡන්දයට දින නියම වී ඇත.
දශකයකට අදික කාලයක ස්වේච්ඡා වැඩකටයුතුද දශකයකට ආසන්න කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේද නියලුන මා මැතිවරණ දේශපාලනයට අවතීර්ණ වන මේ මොහොත දක්වා මා ගමට නගරයට මෙන්ම රටටද කල කී දෑ බොහෝමයකි.

  • මා ප්‍රාථමික හා ද්වීතීක අධ්‍යාපනය ලබන්නේ ගා/බටේමුල්ල ජාතික පාසලෙනි
  • ⁠හවුපේ ශ්‍රී පංඣාවාස දහම් පාසල සහ වවුලුගල ශ්‍රී සම්බෝධි දහම් පාසල් වලින් මා දහම් අධ්‍යාපනය ලබන ලදි
  • ⁠වර්ත්මානයේදී මා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අද්‍යනාංශයේ සමාජ විද්‍යා ඩිප්ලෝමාවක් හදාරමින් සිටිමි
  • උදාර ළමා සමාජය රෙඩ් ඊගල් යෞවන සමාජයේ සිට දකුණු ආසියාවේ විශාලතම ස්වේච්ඡා සංවිධානය වන ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය දක්වාම තරුණ ස්වේච්ඡා නායකයකු ලෙස කල හැකි දෑ මා නොපිරිහෙලා ඉටු කරන ලදි.
  • ⁠ තරුණ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස මා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2018 වසරේ ඉංදියාවේ පැවති ඉංදු ශ්‍රී ලංකා තරුණ සමුලුවටත් 2024 වසරේ රුසියාවේ පැවති ලෝක තරුණ සමුලුවටත් සහභාගි විය
  • ⁠2016දී හබරාදුව ආසනයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස මා පත්වන්නේ හබරාදුව තාරුණ්‍යයේ වැඩිම මනාපයෙනි
  • ⁠2018 වසරේ සිට මේ දක්වාම ගාල්ල දිස්ත්‍රික් තරුණ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂවරයකු ලෙස මා කටයුතු කරන්නේ තරුණ ව්‍යවසායකයකු ලෙසය
  • ⁠2018 පලාත් පාලන මැතිවරණයට සමගාමී ලයිස්තු අපේක්ශකයකු වශයෙන් ඉදිරිපත් වු මා වර්තමානයේ ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුනේ නියෝජ්‍ය ලේකම් වරයා ලෙස කටයුතු කරයි
  • ⁠ස්වේච්ඡා සේවය වෙනුවෙන් Beyond being human , 4:10 youth movment වැනි සංවිධානවල සම නිර්මාතෲ වශයෙන්ද මා කටයුතු කරමින් සිටී.

තරුණයකු ලෙස විනිවිදභාවයකින් යුතු උත්තරීතර දේශපාලනයක් වෙනුවෙන් පක්ශ පාට බේදයකින් තොරව කටයුතු කිරීම උදෙසා ඔබේ වටිනා මනාපය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ ඉදිරියෙන් සටහන් කර අපි අපේ කතාව ලියමු.

Chathuranga Gamage