තරුණ දේශපාලනයේ තිඹිරිගෙය ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ මතක

මිනිසා උපතින්ම දේශපාලනික සත්වයෙක් ලෙස පුරාතනයේදී ඇරිස්ටෝටල් විසින් පවසන ලදි.
මෙම කියමන එදාට මෙන්ම අදටද හෙටටද වලංගු කියමනකි.
දකුණු ආසියාවේ විශාලතම තරුණ ස්වේච්ඡා සවිධානය නියෝජනය කරන අපට වර්ශ 2011 සිට ප්‍රජාත්‍රන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුල ජාතික පාර්ලිමේන්තුවේ ආකෘතිමය රාමුවක ක්‍රියාත්මක වන යොවුන් පාර්ලිමේන්තුව නියොජනය කිරිමේ අවස්ථාව හිමි විය.

ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුව


එකල යොවුන් පාර්ලිමේන්තු ව්‍යුහය ජාතික පාර්ලිමේන්තු ව්‍යහයටම සමාන විය ආසන 196කට යෞවන සමාජ සාමාජිකයන්ගේ ඡන්දයෙන් නියෝජිතයන් තෝරාපත් කරගන්නා අතර ඉතිරි ආසන 29 සදහා වයස 15-29ත් අතර ඕනෑම තරුණයකුට අයදුම් කල හැකි අතර විද්වත් සම්මුඛ පරීක්ෂණ මන්ඩලයකින් ඔවුන් තෝරා ගැනේ.


මා ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරන යෞවන සමාජ සාමාජිකයකු වීම නිසා හබරාදුව ආසනයේ යොවුන් පාර්ලිමේන්තු (Youth Parliament) මන්ත්‍රී දූරය සදහා නාමයෝජනා ලබාදීමට සුදුසුකම් ලබන ලදි.

Youth Parliament


හබරාදුව මැතිවරණ ආසනය ඉමදුව සහ හබරාදුව ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකින් සමන්විත විය.
අපේක්ශකයන් හය දෙනෙක් ඉදිරිපත් උන මැතිවරණය මා ඇතුලු මගේ කණ්ඩායමට අලුත්ම අත්දැකීමක් විය.


අපේක්ෂකයින් හයදෙනෙකු නාමයෝජනා ලබා දුන්නද එයින් මා ඇතුලුව තිදෙනෙක් ප්‍රධාන වශයෙන් මැතිවරණ සටනට එලැබිනි.
විරුද්ධව අපේක්ශකයන් දෙදෙනාම යෞවන සමාජ ව්‍යාපාරය තුල මට වඩා ජ්‍යේශ්ඨ තරුණ නායකයින් විය එයින් එක් අයකුට එවකට පැවති ආන්ඩුවේ සහයද විශාල වයශෙන් ලැබුනි.
මැතිවරණ ප්‍රචාරන සමය සුන්දර අභියෝගාත්මක කාල සීමාවක් විය ගමින් ගමට අප සියලුදෙනා මැතිවරණ ප්‍රචාරණ කටයුතු නීතියට අවනතව සිදු කරන ලදි තියුනු සටනකින් අනතුරුව වැඩි ඡන්දයෙන් හබරාදුව ආසනයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වීමේ වාසනාව හබරාදුව තරුණ තරුණියන්ගෙ මනාපයෙන් මට හිමි විය.


යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පක්ශ දේශපාලනයක් හිමි නොවුන
නමුත් කුසපත් ඇදීමකින් පක්ශ විපක්ෂ මන්ත්‍රීවරු තෝරා ගැනීමක් සිදු කරන ලදි .
ජාතික පාර්ලිමේන්තුව මෙන්ම කථානායක වරයෙක් ඇතුලු තණතුරු වලින්ද අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයකින්ද යොවුන් පාර්ලිමේන්තුව සමන්විත විය.
රටේ දේශපාලන අංකුර බිහිවීමට යෞවන සමාජ ව්‍යාපාරය සමගම යොවුන් පාර්ලිමේන්තුව මනා පිටුවහලක් විය ඉදිරියටත් එය එසේ නොවෙනස්ව පවතිනු ඇත.