දකුණු ආසියාවේ විශාලතම තරුණ ස්වේච්ඡා ව්‍යාපාරය (ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය)

අතීතයේ රට තුල තරුණ නැගිටීම් අවසන් වූයෙ ලේ වැගිරීම් සහ විශාල දේපල හානියකින් පසුවය.මෙය රටට විශාල පාඩුවකි.
මෙම හේතුව මත 1967 පිහිටුවන ලද තරුණ අසහනය පිලිබද කොමිසමේ නිර්දේශ මත රටට සම්පතක් වූ “ස්වේච්ඡා තරුණ සේවා පණත” මගින් තරුණ සේවා සභාව බිහිවිය.


1979 දී බලාත්මක වන ජාතික තරුණ සේවා පණතට යටත්ව ජපන් ආධාර යටතේ නිර්මාණය වන මහරගම ජාතික තරුණ මධ්‍යස්තානය අදටත් රටේ තරුණයන්ගේ මහගෙදරයි.
මේ පණත මගින් ඔවුන් රටට දකුණු ආසියාවේ විශාලතම ස්වේච්ඡා සංවිධානය බිහි කරනව එය ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයයි.


මෙහි මුල්ම යෞවන සමාජය ලෙස 1979 ජුනි මස 3 වන දින කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අල්ගම ග්‍රාමයේ නිවහල් යෞවන සමාජය බිහි වන ලදි.
ඉන් පසුව රටේ සියලු ගම් බිම් සිසාර නිර්මාණය වන සියලුම යෞවන සමාජ වල මුදුන් මල්කඩ ලෙස 1983 මැයි 23 දින කොලබ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රථම යෞවන් සමාජ සම්මේලනය පිහිටුවන ලදි.


එතැන් පටන් වසර 40කට අදික කාලයක් රටේ ස්වේච්ඡා සේවයට මූලිකත්වය දෙන යෞවන සමාජ ව්‍යාපාරය ගම් බිම් පුරා ව්‍යාප්තව පවතී.
ගමේ යෞවන සමාජය > ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනය > දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය > යෞවන සමාජ ජාතික මන්ඩලය ලෙස මේ ව්‍යාපාරයේ ව්‍යුහය අදියර හතරකින් සමන්විත වෙයි.


එදා රෙඩ් ඊගල් යෞවන සමාජය සහ ඉමදුව යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය සමග ස්වේච්ඡා කටයුතු ආරම්භ කල මා අද එහෙ මුදුන් මල්කඩ වන් ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය නියෝජනය කරන නියෝජිතයෙක් දක්වා රැගෙන ආ ගමනේ මාගේ පාසලට සහ පවුලට පසු හිමි වල විශාලම ගෞරවය හිමි විය යුත්තේ යෞවන සමාජ ව්‍යාපාරයටමය.
රට හදන පරපුරෙ නවාතැන ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය දිනෙන් දින දිනේවා!

ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය
තරුණ ස්වේච්ඡා ව්‍යාපාරය